වර්තමානයේ පවතින කලකෝලාහලවලට සාර්ථකව මුහුණදිය හැකි ආකාරය බුදුන් වහන්සේගේ ඉගැන්වීමෙහි දැක්වෙන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑං කී මූන් මහතා සඳහන් කරයි.
එළඹෙන 14 වැනිදාට යෙදෙන වෙසක් පොහොය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් මහලේකම්වරයා ඉහත අදහස් ප්‍රකාශ කර තිබේ.
එසේම අන් කවරදාකටත් වඩා වර්තමානයේ පවතින ගැටුම් සමතයකට පත්කිරීමට සාමය අත්‍යවශ්‍ය බවද හෙතෙම පෙන්වා දෙයි.