පසුගිය මහා මැතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ ජයග්රහණය වෙනුවෙන් කැපවී ක්රියා කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පළාත් සභා පළාත් පාලන ආයතනවල නියෝජිතයන් බැවින් ඔවුන් එක් කර නව සංවිධානයක් බිහි කිරීමේ ක්රියාවලිය ඇරඹී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මෙම සංවිධානය ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්රී කණ්ඩායමෙන් වියුක්තව කටයුතු කරන බව දැන ගන්නට ලැබේ. එම සංවිධානයේ කටයුතු මෙහෙය වීම බැසිල් රාජපක්ෂ මහතා වෙත පැවරී ඇති අතර මෙම සංවිධානයේ මංගල රැළිය ජූනි 28 වැනිදා ගම්පොළ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තාවෙයි.
එසේම ජූලි 01 වැනිදා බදුල්ලේ දී තවත් රැළියක් පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතී. කෙසේ වෙතත් මෙම සංවිධානය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්රීවරු ඉදිරියේ දී සාකච්ඡා කිරීමට සම්බන්ධ බවද වාර්තාවෙයි.
මෙම සංවිධානය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඇතැම් මන්ත්රීවරුන්ගේ නොසතුට පළ වී ඇති බවත් මහා මැතිවරණයේ දී පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විශාල පිරිසක් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය ජයග්රහණය කර වීමට කැප වී කටයුතු කළ බවත් ඔවුන් ගේ අදහස වී තිබේ.