අගෝස්තු මස 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා වෛද ප්‍රතිකාර ලබාගැනීමට කොළඹ ජාතික රෝහලට ඇතුළත්කළ බව පොලීසිය පැවසීය. බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශයකට අනුව ඒ මහතාට සිදු කිරීමට නියමිත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මෙලෙස රෝහල් ගතකළ බවත් බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව යටතේ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ බැසිල් රාජපක්ෂ මහතා ප්‍රතිකාර ලබන බවත් ජාතික රෝහලේ ආරංචිමාර්ග සඳහන් කළේය.