හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (30දා) නියෝග කළේය.
බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මූල්‍යමය වංචා සම්බන්ධයෙන් මහාපරිමාණ මූල්‍ය වංචා විමර්ශන ඒකකයට හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
ඇමෙරිකානු පුරවැසියෙකුවන බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් ජනපතිවරණයේ පරාජයෙන් පසුව ඇමෙරිකාවට ගියේය.
ඔහු මෙරටට පැමිණි පසු අත් අඩංගුවට ගැනීමට අධිකරණය කළ නියෝගය බල රහිත කර අත් අඩංගුවට ගැනීමකින් තොරව සිය නීතිඥවරුන්ගේ මාර්ගයෙන් කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට බාරවීමට නියෝගයක් නිකුත් කරන ලෙස මෝසමක් මඟින් ඔහුගේ නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා ඉල්ලා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් එම ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.