හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (05දා) දින යළිත් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ මහතාට ඇප ලබාගැනීම සඳහා ඔහුගේ නීතිඥයෝ අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙති.
මේ වනවිට බැසිල් රාජපක්ෂ මහතාගේ රෝගී තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවද රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
පසුගිය 22 වැනිදා ප්‍රථම වරට කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළ රාජපක්ෂ මහතා 23 වැනිදා ජාතික රෝහලේ මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගන්නා වාට්ටුවකට ඇතුළත් කරනු ලැබීය.