තමන් උපවාසයට වාඩිවූයේ මහජනතාවගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් බවත්,දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කළ හැකි සියල්ල කළ වෙන යමක් නොවුණු තැන බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.
දරුවන්ට පාසලක් ලබාදීම වෙනුවෙන් උපවාසයට තමන් වාඩිවීමට ප්‍රථම මෙම ප්රශ්නය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට,අධ්‍යාපන අමාත්‍ය ඇතුළු වගකිව යුතු සියලුම දෙනා වෙත රැගෙන ගිය බවත්,මානව හිමිකම් කොමිසමට පැමිණිලි 9ක් ඉදිරිපත් කර ඇති බවත් තෙවරප්පෙරුම මහතා සඳහන් කළේ අද පැවති මාධ්‍යහමුවකදීය.
මතුගම පොලීසියටද සිදුවන මෙම අසාධාරණය ගැන පැමිණිලි කර තිබුණු බවත්,උපවාසය පවත්වන අතරතුරේ මව්පියන් 5 දෙනෙකු හා දරුවන් 5දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයට පවා යැවූ බවත් හෙතෙම අවධාරණය කළේය.
තමා ඇඟපතෙන් දේශපාලනය කරන කෙනෙකු නොව මහජනතාව සමග දේශපාලනය කරන කෙනෙකු බවත් මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට දරුවන් ඇතුළත් කිරීමට අදාළ ප්රශ්නය තමන් රංජිත් සෝමවංශ මහතා ළඟට ගෙන නොගියේ ඔහු සමග සාකච්ඡාවක් නැති නිසාත්,අතපය කඩන්නට සිදුවිය හැකි නිසාත් බව නි.අමාත්‍යවරයා කීය.