මහ බැංකු බැදුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල දුෂණ වංචා විමර්ශන කොමිෂන් සභා වාර්තා 34 පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි මස 20 සහ 21 දෙදින තුළ පැවැත්වීමට පක්ෂ නායකයින් එකගතාවයකට පැමිණ තිබේ.
ඒ අනුව පළාත් පාලන මැතිවරණයෙන් පසුව මෙම දින දෙක තුළ කල් තැබීමේ විවාදයක් ලෙස විවාදය පැවැත්වෙන දෙදින තුළ පස්වරු 2.00 සිට පස්වරු 6.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතය.
කතානායක කරු ජයසුරිය මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (24දා) පාර්ලිමේන්තු සංකීරණයේදි පක්ෂ නායකයින්ගේ රැස්වීම පවත්වා ඇති අතර එහිදි මෙම එකගතාවයන්ට පැමිණ ඇත.