බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පක්ෂ නායක හමුවක් කැඳවා ඇත.
අද (29දා) ජනපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බව ජනපති ලේකම් ඔස්ටින් ප්රනාන්දු මහතා පක්ෂ නායකවරුන්ට ලිපි මගින් දන්වා ඇත.
පාර්ලිමේන්තුවට ලබාදුන් බැඳුම්කර වාර්තාවේ පිටු අඩු බවට ඇතැම් පුද්ගලයින් ප්රකාශ කිරීම හේතුවෙන් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ජනපතිවරයා මෙම හමුව කැඳවා ඇත.
ඊට අමතරව බරපතල වංචා පිළිබඳ ජනපති කොමිසන් වාර්තාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
පක්ෂ නායකයින්ට පැමිණිය නොහැකිනම් ඒ වෙනුවට නියෝජිතයෙකුටද සහභාගිවිය හැකි බව ජනපතිවරයා ලේකම්වරයා යොමුකළ ලිපියේ සඳහන්ව ඇති බව වාර්තාවෙයි.