බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවෙහි පිටපත් අද (17දා) පාර්ලිමේන්තුව වෙත යොමුකිරිමට ජනපති ලේකම් කාර්යාලය කටයුතු කර ඇත.
ඒ අනුව එම වාර්තාවේ ඉංග්රීසි පිටපත් 26 ක් සහ සංක්ෂිප්ත වාර්තාවක් මෙසේ පාර්ලිමේන්තුවට යොමුකර ඇත. ඊට අමතරව බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවෙහි පිටපත් 34 (සිංහල) ක් ද ජනාධිපති කාර්යාලයේ නීති නිලධාරී නීතිඥ මුදිත දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාර දුන් බව කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.