මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ වූ පුද්ගලයන් ස්කාගාර මිලදී ගෙන මත්පැන් නිෂ්පාදනය ආරම්භ කර ඇති බවත් එතනෝල් ශ්‍රී ලංකාවට ගෙන්වන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඊයේ (24දා) බේරුවල සම්බන්ධීකරණ රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව පැවැසීය. එසේම ඒ පිළිබඳව තමන් කැබිනට් මණ්ඩල රැස්වීමේදී කතා කළ බවත් අමාත්‍යවරයා පැවැසීය.
එසේම කෘත්‍රිම රා නිෂ්පාදකයන්ට එරෙහිවද පියවර ගන්නා බව මෙහිදී අමාත්‍යවරයා පැවසීය. ස්කාගාරවලට මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා කෘත්‍රිම රා ගෙනෙන බවත් පසුගිය රජයේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ අමාත්‍යවරයෙකු ද කෘත්‍රිම රා සපයා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.