කෝප් කමිටුව බැඳුම්කර වංචාව පිළිබඳ සකස් කළ වාර්තාව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලෙස බෙදීමක් මතුව ඇති බැවින්, කරුණු විමර්ශනය සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස දූෂණ විරෝධී පෙරමුණ අද (25දා) ජනාධිපතිවරයාගෙන් විවෘත ඉල්ලීමක් කර තිබේ.
කෝප් කමිටුව විසින් ඊයේ දිනය පුරාම අදාළ වාර්තාව සකස් කළ විගණකාධිපතිවරයා පක්ෂ දේශපාලන ප්‍රවේශයක සිට ප්‍රශ්න කිරීම බවත්වත්මන් රජය යටතේ සිදු වූ දැවැන්තම මූල්‍ය වංචාව වසා ගැනීමට දැවැන්ත උත්සාහයක් මේ වනවිට ක්‍රියාත්මක බවත් දූෂණ විරෝධී පෙරමුණ පවසයි.