මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් කරන බවත් එයින් දේශපාලඥයන් ඉවත්විය යුතු බවත් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද (03දා) කොළඹදී පැවැති උත්සවයක් අමතමින් පැවසීය.
“මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන මගේ ප්රතිපත්තිය හා තීන්දුව අද කියනවා. මේ ප්රශ්නයෙන් නිරීක්ෂණය වූ සියල්ල සඳහා සියලු දේශපාලඥයන් එයින් ඉවත් වෙන්න ඕන. මේ පරීක්ෂණය අපක්ෂපාතී ස්වාධීන අධිකරණ ක්රියාමාර්ගයක් කරා යොමු කරන්න ඕන.
මේක දේශපාලඥයන්ට විසඳන්න පුළුවන් කාරණයක් නොවෙයි. කෝප් වාර්තාව ගැන නොයෙක් වාදවිවාද තියෙනවා. පක්ෂ වශයෙන් බෙදිලා ඉන්නවා. අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න මේක අධිකරණයට යොමු කරනවා.” යැයි ජනපතිවරයා පැවැසීය.