මහ බැංකු බැදුම්කර කොමිමේ දී හෙළිවන කරුණු අනුව සේවක අර්ථ සාධක අරමුදල යොදාගනිමින් සිදුකර ඇති මහා පරිමාණ සැලසුම් සහගත දූෂණ වංචා පිළිකුල් සහගත බව කම්කරු අමාත්‍ය ඩබ්ලිවි.ඩී .ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.
කම්කරු අමාත්‍යංශයේ පැවති ජාතික කම්කරු උපදේශන සභාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“බැදුම්කර ගනුදෙනුවේදී අදාළ සමාගමට විශාල ලාභයක් සහ අර්ථ සාධක අරමුදලට පාඩුවක් සිදුව ඇති බව දැන් මුළු රටම දන්නා කරුණක්. අර්ථ සාධක අරමුදල් කලමණාකරනය කරනු ලබන රජයේ ඇතැම් නිලධාරීන්ට මහා පරිමාණයෙන් අල්ලස් සහ සංතෝෂම් ලබා දීම ඉතාමත් හිරිකිත පිලිකුල් සහගත ක්‍රියාවක්.
වැඩකරන ජනතාව සතු අර්ථ සාධක අරමුදලට පාඩුවන අයුරින්, දූෂිතව කටයුතු කල සියලු දෙනාට විරුද්ධව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.”