බැඳුම්කර කොමිසමේ කාලය දීර්ඝ කර වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම පමා කිරීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
නීතිමය පියවර ගන්නවා නම් කෝප් කමිටු වාර්තාව තුළින්ද එය සිදුකළ හැකි බවත්, බැඳුම්කර කොමිසමට අගමැතිවරයා ගෙන්විය යුතු බවට අද දවසේදීත් තම පක්ෂය කරන ඉල්ලීමක් බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
විමර්ශනවල ගැටලුවක් තම කොමිසමේ කාලය දිගු කිරීම ගැන ගැටලුවක් නොමැති බවත්, නීතිමය පියවර ගන්නවානම් රවි කරුණානායක මහතාට එරෙහිව දැන් පවා නීතිමය පියවර ගත හැකි බවත් අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.