බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ ඕනෑම අවස්ථාවක පෙනී සිටීමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සූදානම් බව අග්රාමාත්ය කාර්යාලය සඳහන් කරයි.
ජනාධිපති කොමිසම ඉදිරියේ කරුණු විමසන අවස්ථාවේදී අගමැතිවරයා සම්බන්ධව තොරතුරු සඳහන් වී තිබෙන බවත්,ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට වික්රමසිංහ මහතා සූදානම් බවත් අග්රාමාත්ය කාර්යාලය පවසයි.
යහපාලනය හා ප්රජාතන්ත්රවාදය යළි රටතුළ තහවුරු කිරීම සඳහා ජනවාරි 08 වැනිදා මෙරට ජනතාව බහුතර ජනවරමක් ලබාදී තිබෙන බවත්,රජයට හෝ රජයේ නිලධාරීන්ට චෝදනාඑල්ලවන අවස්ථාවන්හිදී ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට රජය සෑමවිටම කටයුතු කරන බවත් එම කාර්යාලය ප්රකාශ කරයි.
ඉදිරියටද එම පිළිවෙත අනුගමනය කරන බවද අග්රාමාත්ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.