මහ බැංකුවේ මූල්‍ය මණඩලයේ සාමාජික නිහාල් ෆොන්සේකා සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහත්වරුන්ගේ සාක්ෂි ලබාගැනීමෙන් අනතුරුව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාව ඇති බව කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා ඊයේ (11දා) කොමිසමට දැනුම් දුන්නේය.
මහ බැංකුවේ මූල්‍ය මණඩලයේ සාමාජික නිහාල් ෆොන්සේකා සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහත්වරුන් සාක්ෂි ලබාගැනීම සඳහා කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇති බවද සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා කොමිසමට වැඩිදුරටත් දැනුම් දුන්නේය.
ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ගැනීම සඳහා සාක්ෂිකරුවන් 20 දෙනෙකුගෙන් සමන්විත පුද්ගලයන් පිරිසකගේ නාමලේඛනයක් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කොට තිබූ බව දැනුම් දුන් කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා එම සාක්ෂිකරුවන් අතුරින් මේ වනවිට ඉතිරිව ඇත්තේ මහ බැංකුවේ මූල්‍ය මණඩලයේ සාමාජික නිහාල් ෆොන්සේකා සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහත්වරුන් පමණකැයි දැනුම් දුන්නේය.
එම ලැයිස්තුවේ සිටි සේවක අර්ථසාධක අරමුදලේ හිටපු ප්‍රධාන ගැනුම්කාර සමන් කුමාරගෙන් මේ වනවිට සාක්ෂි සටහන් කරගෙන ඇතැයි පෙන්වා දුන් සභාපති විනිසුරු චිත්රසිරි මහතා මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන මහත්වරුන් කොමිසමට කැඳවනු ලැබුවේ නීතිපතිවරයාගේ ලැයිස්තුවට පරිබාහිරව යැයිද පැවසීය.