ඉරාකයේ බැග්ඩෑඩ් නුවර සිදුවූ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස මේ වනවිට 165 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
රාමසාන් උපවාසය අවසන් වී පැවැත්වෙන උත්සවයන් වෙනුවෙන් බඩුබාහිරාදිය ගැනීමට පැමිණි ජනතාව මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට ගොදුරු වූ අතර, ඉන් තුවාල ලැබූ පිරිස 225ක් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම ප්‍රහාරයෙන් පසුව ඉරාකය තුළ දින තුනක ශෝක කාලයක් පවා ප්‍රකාශයට පත්කර තිබේ.
බැග්ඩෑඩ් හි කර්රාදා දිස්ත්‍රික්කයේ සිදුවූ ප්‍රහාරය සඳහා පුපුරණ ද්‍රව්‍ය පුරවා ගත් ලොරියක් ඉස්ලාම් රාජ්‍ය ත්රසතයන් විසින් භාවිත කර තිබුණි.
මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ වැඩි දෙනාගේ සම්පූර්ණ පවුලම පාහේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් අයගේ සිරුරු පිපිරීමත් සමග ඇති වූ ගින්නට හසුව දරුණු ලෙස පිළිස්සී ගොස් තිබේ.
ෂියා මුස්ලිම්වරු වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශය වෙත එල්ල වූ මේ අමානුෂික ප්‍රහාරයෙන් පසුව අගමැති හයිදර් අල්-අබාදි සිද්ධිය නිරීක්ෂණය සඳහා සංචාරය කළ අතර, මෙම ප්‍රහාරය ලෝකයේ බොහෝ රජ්‍යයන් විසින් හෙළා දැක තිබුණි.