ඉරාකයේ, බැග්ඩෑඩ් නුවරට පසුගිය ඉරිදා එල්ල වූ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදුවූ ජීවිත හානි ප්‍රමාණය මේ වනවිට 281 දක්වා වැඩි වී ඇති බව එරට බලධාරීහු පවසති.
ෂියා මුස්ලිම්වරු ගැවසෙන කර්රාදා දිස්ත්‍රික්කයේ, කාර්ය බහුල සාප්පු සංකීර්ණයක් අසල සිදුවූ මෙම ප්‍රහාරය නිසා සිදුවූ ජීවිත හානි 281 එරට සෞඛ්‍ය අමාත්‍යාංශයද තහවුරු කර ඇති අතර, මීට පෙර ඔවුන් පවසා සිටියේ 250කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් මෙම ප්‍රහාරයේ වගකීම බාරගත් අතර, එය 2003 වසරේදී ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ හමුදා ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසුව බැග්ඩෑඩ් අගනගරයට එල්ල වූ දරුණුතම බෝම්බ ප්‍රහාරය ලෙසද සැලකෙයි.