භීෂණකාරී වාතාවරණය හමුවේ ඉරාකයේ, බැග්ඩෑග් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යන්නේද පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබේ.ඊයේ (13දා) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමුවී තිබෙන අතර, එහිදී අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී ඇතැයිද වාර්තා වේ.
ඉරාකයේ පවතින භීෂණකාරී වාතාවරණය හේතුවෙන් එම තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව සලකා බලා ඔවුන් මෙරටට ගෙන්වා ගත යුතු බව රජයේ ඇතැම් ඇමතිවරුන් එහිදී පෙන්වාදී තිබේ.එහෙත් තවත් ඇමතිවරුන් පිරිසක් පවසා ඇත්තේ එම තානාපති කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යා යුතු බවයි.
කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ, විදේශ සේවයේ වෙනස්කම් සිදුකිරීමට ගෙන ඇති තීරණය යටතේ, බැග්ඩෑග් තානාපති කාර්යාලය සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීමට නියමිත බවයි.මේ දක්වා අවසන් තීරණයක් ගෙන නැතැයිද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
විදේශීය තානාපති කාර්යාලවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරගෙන යන බවත්, ඒ යටතේ බැග්ඩෑග් තානාපති කාර්යාලය සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන බවත් එම අමාත්‍යාංශයේ ප්රකාශයෙක් සඳහන් කළේය. ඇතැම් තානාපති කාර්යාල ඉවත් කිරීමටද, තවත් රටවල අලුතින් තානාපති කාර්යාල ඉදිකිරීමට අවධානය යොමුවී ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියේය.