සේවක ණය පොලී බද්ද ජනපති නියමයෙන් ඉවතට
- 21 07 2014
- 20:06
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
රජය විසින් නිකුත් කරන ලද 1857/8 දරණ විශේෂ ගැසට් නිවේදනය මගින් පනවා තිබූ බද්ද ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
මේ අනුව බැංකු, මූල්‍ය ආයතන, රක්ෂණ ආයතන ඇතුළු ලාභ අලාභ ගිණුම් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයින්ගේ නිවාස ණය පොලී, ආපදා ණය පොලී, වාහන ණය පොලී, වෛද්‍ය වියදම් ප්‍රතිපූරණය කිරීම, අතිකාල දීමනා ඇතුළු වෙනත් දීමනා වෙනුවෙන් වූ එකී බද්ධ ඉවත් කෙරෙන බව පැවසෙයි.
අද (21දා) පස්වරුවේ ලංකා බැංකු සේවක සංගමය සමග අරලියගහ මන්දිරයේ පැවති විශේෂ හමුවේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
