අග්රමාත්යවරයා සිදුකළ ප්රකාශය පදනම් කරගෙන රාජ්ය, අර්ධ රාජ්ය හා පෞද්ගලික අංශ සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති හෙට දිනයේ සිදුකිරීමට සැලසුම් කළ වැඩවර්ජනය නතර කළද, තම සංගමය හෙට වැඩවර්ජනයක් දියත් කරන බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.
උදේ 7.00 සිට වැඩවර්ජනය දියත් කරන බවත්, ඒ සඳහා රාජ්ය හා පෞද්ගලික අංශයේ බැංකු 20 ක සේවකයන් 30,000 ක් සහභාගී වන බවත් එම සංගමයේ විධායක සභික කේශර කොට්ටේගොඩ මහතා සඳහන් කළේය.