ප්‍රමිතියෙන් තොර නිසා ප්‍රතික්ෂේප කළ පෙට්‍රල් සහිත ඉන්ධන නැව රටට ලබාගන්නා ලෙසට දේශපාලනික හා ව්‍යාපාරික බලපෑම් එල්ල වෙමින් ඇතැයි ඛනිජතෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළේය.
අර්බුදයක් නොමැතිව මේ මස 09 වැනිදා දක්වා රටට අවශ්‍ය පෙට්‍රල් ලබාදීමට හැකියාව තිබෙන බවත්, එහෙත් කුමන්ත්රණකරුවන් පිරිසක් වැරදි අදහසක් ප්‍රචාරය කර ජනතාව නොමඟ යවා තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
මේ හරහා ජනතාව නොමඟ ගොස් තෙල් තොග රැස් කිරීමට කටයුතු කළ බවත්, ඒ හරහා පෙට්‍රල් හිඟයක් කෘත්‍රිමව ඇතිවූ බවත් අද (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේය.
ප්‍රමිතියෙන් තොරවීම නිසා ඉන්දියන් ඔයිල් සමාගම ලබාදුන් පෙට්‍රල් නැව ප්‍රතික්ෂේප කළ බවත්, එසේ තිබියදී එම නැව ත්‍රිකුණාමල වරායට ගෙනගොස් දින 18ක් තිස්සේ නවතා තබාගෙන සිටින බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
අදාළ තෙල් නැව ලංකාවට ලබාගන්නා ලෙසට තමාට බලපෑම් එල්ලවන බවද හෙතෙම පවසා සිටියේය.