බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු කිඹුල් ප්‍රහාරයකට ලක්ව ශ්‍රී ලංකාවේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
පෝල් මැක්ක්ලීන් නම් 25 හැවැරිදි මාධ්‍යවේදියෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. එහු ෆයිනෑන්ෂියල් ටයිම්ස් නම් පුවත්පතකට සේවය කර තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව පොලීසිය නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ පානම, හැඩඔය කලපුවේ දිය නාමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙම සිදුවීම ඊයේ (14දා) සිදුව තිබේ. ඔහුගේ සිරුර අද පෙරවරුව වෙන විටත් සොයාගෙන නොතිබුණි.
සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා ඇත්තේ ඔහු ජලය යටත එක්වරම ගිය බවයි.
ද ටයිමිස් හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඇසුරෙනි.