පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන බ්ලූමැන්ඩල් පැතුම් නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
හෙරොයින් තොගයක් සමග අදාළ පුද්ගලයා ඊයේ(13) රාත්‍රීයේ කොළඹ දිසා වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය මැතිවරණ සමයේ කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේදී ඊට මැදිවූ පුද්ගලයෙකු ලෙස බ්ලූමැන්ඩල් පැතුම් නැමැත්තා සැළකෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය