දශක තුනකට පසුව භාරතීය ජනතා පක්ෂය ලැබූ අති දැවැන්තම ජයග්‍රහණය සමග ඉන්දීය අගමැතිවරයා ලෙස තේරීපත් වීමට නියමිත නරේන්ද්‍ර මෝඩි අද (17දා) දිල්ලි නුවරදී විජයග්‍රහණයේ රැලිය ඇමතීමට නියමිතය.
භාරතීය ජනතා පක්ෂයේ විජයග්‍රහණය
ලෝක් සභාවට මන්ත්‍රීවරු 543 දෙනෙකු තෝරාපත් කරගන්නා මෙවර මහ මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලයට අනුව භාරතීය ජනතා පක්ෂය ආසන 283ක් හිමිකර ගෙන තිබෙන්නේ, තනිව රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන 272ක බහුතර බලයද ඉක්මවා යමිනි. එමෙන්ම, ඔවුන්ට සහයෝගය දක්වන සෙසු පක්ෂවල ආසනද එකතුව ගත්විට මෝඩිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ විපක්ෂයට ආසන 337ක් හිමිවී ඇති බව එන්.ඩී.ටී.වී. වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව 2009 මහ මැතිවරණය සමග සසඳා බැලීමේදී භාරතීය ජනතා පක්ෂය පමණක් තනිව ගත්විට ඔවුන් සිය ආසන පදනම 167කින් වර්ධනය කරගෙන තිබේ. එය ඔවුන්ට සහාය දක්වන සෙසු පක්ෂද සමග ගත්විට ආසන 196ක අති විශිෂ්ට වර්ධනයකි.
ඉන්දීය ජාතික කොංග්‍රසයේ මළගම
නමුත්, මෙවර මැතිවරණයේදී ඉන්දීය ජාතික කොංග්‍රසයට අත්වී තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් ඉරණමකි. මෙවර මැතිවරණයේදී කොංග්‍රසයට හිමිව ඇත්තේ ආසන 44ක් පමණි. කෙසේ වෙතත්, ඔවුන්ට සහයෝගය දක්වන සෙසු පක්ෂවල ආසනද එකතුව ගත්තත්, රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුතු කොංග්‍රසයට හිමිව තිබෙන්නේ ආසන 59ක් පමණක් බව එන්.ඩී.ටී.වී. පෙන්වා දෙයි. ඒ අනුව, 2009 මහ මැතිවරණය සමග සසඳා බැලීමේදී කොංග්‍රසය පමණක් තනිව ගත්තද, ඔවුන් මෙවර මහ මැතිවරණයේදී ආසන 162ක් අහිමි කරගෙන ඇත. එය ඔවුන්ගේ සහයෝගී පක්ෂද සමග ගැනීමේදී මෙවර ඔවුන්ට අහිමි වී ඇති ආසන සංඛ්‍යාව 175කි.
එනම්, මෙවර මහ මැතිවරණයේ දැවැන්ත ජයග්‍රහණයක් ලබා සිටින නරේන්ද්‍ර මොඩිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂයට පාර්ලිමේන්තුව තුළ පැහැදිලි බහුතර බලයක් හිමිව තිබේ.
ඒ අනුව, ඔවුන්ට සෙසු පක්ෂවල සහයෝගය හෝ සන්ධානවලින් තොරව තනිව රජයක් පිහිටුවීමේ බලය හිමිවී තිබීමද සුවිශේෂි අවස්ථාවකි.
බටහිර ගැති මාධ්‍ය ඉන්දියානුවන් නොඇදහීම
බටහිර මාධ්‍ය විසින් මෝඩි ජාතිකවාදී දේශපාලනයේ නිරත, ආගම්වාදියෙකු ලෙස හංවඩු ගැසීමට තැත් කළත්, ඉන්දියාව බටහිර කීම තුට්ටුවකට මායිම් කර නොමැති බව මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් විද්‍යාමාන වන සත්‍යයකි.
ජයග්රහණයෙන් පසුව වුවත්, බටහිර මාධ්‍ය මෝඩි ඉලක්ක කරමින් ඔහු ඉන්දියාවේ සුළු ජාතීන්ට අඩු සැලකිල්ලක් දක්වනු ඇති බවට තරක ගොඩනැගීමට උත්සාහ කරමින් සිටිනු දැකිය හැකිය. නමුත්, ඔවුන්ගේ ඒ තර්කයන්ටද හොඳ පිළිතුරක් මෝඩි විසින්ම ලබාදී තිබුණි.
බෙදීවෙන්වි කළ දේශපාලනයට නැවතුම් තිතක්
ඔහු කියා තිබුනේ බෙදී වෙන්වී කළ දේශපාලනය දැන් අවසන් බවය. මෙතැන් සිට ජනතාව සමගි සන්ධානයෙන් ඒකාබද්ධ කරන දේශපාලනය ඇරඹෙන බව ඔහු කීය. රටේ සංවර්ධනය වෙනුවෙන් තවත් ශක්තිය අවශ්‍ය බව පැවසූ මෝඩි තමන් ශ්‍රේෂ්ඨ හා ඉතා සෞභාග්‍යමත් ඉන්දියාවක් දකින බව අවධාරණය කළේය.
ඔබාමා හා කැමරන් මෝඩිව අමතක නොකිරීම
මේ අතර, ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා මෙන්ම බ්‍රිතාන්‍ය අගමැති වේඩිව් කැමරන්ද මෝඩි වෙත දුරකථනයෙන් කතා කරමින් ඔහුට සුබ පැතුම් එකතු කිරීමට අමතක නොකළේය. එන් නොනැවතුණු මේ ලෝක බලවතුන් දෙදෙනා, දෙරටේ සංචාරයකට පැමිණෙන ලෙසද මෝඩිගෙන් ඉල්ලා සිටියේ, බටහිර ගැති මාධ්‍ය කවර න්‍යාය පත්‍ර රැගෙන ගියත් ඉන්දියාව නමැති තීරණාත්මක සාධකය ඔවුන්ට වැදගත් නිසාය.