බහරේන් රාජ්‍යයේ ඉහළම ගෞරව සම්මානය වන ඛලීෆා සම්මානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (28දා) ප්රදානය කර තිබේ.
අල්-ඛලීෆා පදක්කම 1940දී ස්ථාපනය කරන ලදුව, 1970 අවදියේදී යලි සක්‍රීය කරනු ලැබූ බව පැවසෙයි.
අභාවප්‍රාප්ත ෂේක් ඉසා බින් සල්මාන් අල්-ඛලීෆා එමීර්වරයා මානුෂවාදය කෙරෙහි දැක්වූ කැපවීමට උපහාර පිණිස මෙම සම්මානය ආරම්භ කර තිබේ.
මේ දක්වා සම්මානය ප්රදානය කර ඇත්තේ සෞදි අරාබි රජතුමා, මැලේසියානු අග්‍රාමාත්‍යවරයා සහ දෙවැනි එළිසබෙත් මහ රැජින ඇතුළු නායකයන් කිහිප දෙනෙකුට පමණක් බවද කියැවෙයි.
.jpg)