ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ප්‍රවාහන ගැටලු අවම කිරීම සඳහා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය (LRT) හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණික මාර්ග ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම පිණිස ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) සහාය ලබාගැනීමට නියමිතය.
කොළඹ කොටුව, කොල්ලුපිටිය, බම්බලපිටිය, යුනියන් පෙදෙස, මරදාන ප්‍ර‘දේශ යා කෙරෙමින් දිවෙන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණික මාර්ගය හා බොරැල්ල, මාලඹේ ප්‍රදේශ අතරද සැහැල්ලු දුම්රිය සංක්‍රමණික මාර්ගයක් ඉදිකිරීමට නියමිතය.