බස්නාහිර සහ සබරගමුව පළාත්වල අද (07දා) විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, සෙසු පළාත්වල තැනින් තැන පස්වරු 02.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
මීට අමතරව පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, මාතලේ, සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පැ.කි.මී. 50ක් පමණවූ තද සුළං ධාරා ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.