රජයේ ප්‍රධානතම සංවර්ධන වැඩසටහන් වන බස්නාහිර නගර සංවර්ධන සැලැස්ම වැඩසටහන ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 29 වැනිදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී එළි දැක්වීම නියමිත බව මහ නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
මීට සමගාමීව, පිටකොටුව මැනිං වෙළෙඳ පොළ පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා වූ මුල්ගල් තැබීමද 30 වැනිදා සිදු කෙරෙනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
හෙතෙම මේ බව පැවසුවේ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.