බස්නාහිර පළාත් රැකියා විරහිත උපාධිධාරී සංගමයේ විරෝධතාවක් හෙට (30දා) උදෑසන 10.00 ට බස්නාහිර පළාත් මහ ඇමති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වෙන බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ගුරු විභාගය සමත් සියලු දෙනාටම වහා ගුරු පත්වීම් ලබාදෙන ලෙසත්, අනෙක් සියලුම උපාධිධාරීන්ට වහා රැකියා ලබාදෙන ලෙසත් ඉල්ලා මෙම උද්ඝෝෂණය සිදුකරන බව එම සංගමයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.
නිරාශා රණසිංහ