බස්නාහිර පළාත් සභාවේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්රීවරුන් පිරිසක් තමා සමග සාකච්ඡා කර බලය පෙරළීමට පොරොන්දු වී තිබෙන බව එම පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්රී අරංගල මහතා පැවසීය.
ඒ අනුව දිවුරුම් ප්රකාශයකට ඔවුන්ගේ අත්සන් ලබාගෙන ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර පළාත් සභාවේ බහුතර බලය පෙන්වීමට ඉදිරි දින කිහිපය ඇතුළතදී කටයුතු කරන බව අරංගල මහතා ප්රකාශ කළේය.