බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දෙපිළකට බෙදී දෙතැනක මාධ්‍ය සාකච්ඡා 02 ක් අද (16දා) පැවැත්වීය.
අද පෙරවරුවේ බත්තරමුල්ල රෝයල් ප්ලාසා වෙත රැස් වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මල්ෂා කුමාරතුංග, රංජිත් සෝමවංශ, ගාමිණි තිලකසිරි, මංජුල බුද්ධදාස, ඉසුර දේවප්‍රිය, උපාලි ගුණරත්න ඇතුළු මන්ත්‍රීවරුන් 10 දෙනෙක් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන කණ්ඩායම විවේචනය කළහ.
එසේම අද සවස බන්නාහිර ප්‍රධාන අමාත්‍ය කාර්යාලයට (ශ්‍රාවස්ති මන්දිරයට) රැස්වූ ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් කියා සිටියේ පළාත් සභාවේ බලය ඇත්තේ තම කණ්ඩායමට බවයි. උදය ගම්මන්පිල, උපාලි කොඩිකාර, සුනිල් ජයමිණි, රොජර් සෙනෙවිරත්න, පියල් නිශාන්ත, ජගත් අංගගේ, සමන්මලී සකලසූරිය යන පිරිස ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.