අද (20දා) පැවැති බස්නාහිර පළාත් සභා සැසිවාරයේදී නොසන්සුන්තාවක් ඇතිවිය.
එම පළාත් සභාවේ ජාතික හෙළ උරුමයේ මන්ත්රී නිශාන්ත ශ්රී වර්ණසිංහ මහතා අද දින පැවැති සභාව අමතමින් සිටියදී ආණ්ඩු පක්ෂයේ බාධාකිරීමත් සමග මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිවිය.
මේ අතර තුර කොළ ගුලි ප්රහාරද එල්ල විය.ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ජයග්රහණය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායමේ සිටිමින් මන්ත්රීවරයා අදහස් දැක්වීම මෙම නොසන්සුන්තාව ඇතිවීමට හේතුව විය.