බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය අත්පත් කර ගැනීමට විපක්ෂයේ සැලසුමක් දියත්වෙන බව සැලවීමත් සමග පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන් සියලුදෙනාගේ සහය මහින්ද රාජපක්ෂ මහතාට ලබාගැනීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
දැනට පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ සිටින චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හිතවත් ඇමතිවරුන් සහ මන්ත්රීවරුන් විපක්ෂයට එකතු කර ගැනීමේ සැලසුමක් ඇතැයි හඳුනාගෙන ඇත.
ඒ අනුව ආණ්ඩුපක්ෂයේ සියලුම මන්ත්රීවරුන්ගේ අත්සන් සහිත ලිපියක් සකස් කර මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී ජයග්රහණය වෙනුවෙන් කැපවෙන බවට සහතිකයක් ලබාදීමට මේ වනවිට වැඩපිළිවෙළක් දියත් වෙන බව වාර්තා වෙයි.