සුළං ප්රවාහයේ අභිසාරී බව හේතුවෙන් බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ පුත්තලම දිස්ත්‍රීක්කවලත් විටින් විට වැසි ඇතිවේ.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් මාතර දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති වේ.
සෙසු ප්‍රදේශ වලට සවස 2.00න් පමණ පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.