බස්නාහිර පළාත් සභාවේ 2016 වසර සඳහා ඉදිරිපත් කළ මූල්‍ය ප්රකාශනය ඒකච්ඡන්දයෙන් අද (31දා) සම්මත විය.
පසුගියදා පැවැති ඡන්ද විමසීමේදී සෞඛ්‍ය විෂයයට අදාළ වැය ශීර්ෂය පරාජයට පත්ව තිබීම නිසා අද දිනයේදී විශේෂ සභාවාරයක් කැඳවා සියලු විෂයන් වලට අදාළව අයවැය සම්මත කර ගැනීමට ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා කටයුතු කළේය.
අද දිනයේදී සභාවට පැමිණි එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ප්රජාතන්ත්රවාදී පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂ බව ප්‍රකාශ කළහ.
ජනතා විමුක්ති පෙරමුරණේ මන්ත්‍රීවරුන් හයදෙනා සහ ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරුන් තිදෙනා පළාත් සභා රැස්වීමට නොපැමිණියහ.