ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමකදී නව බස්ගාස්තුව පිළිබඳව තීරණයක් ලබාදෙන බවට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා බස් සංගම්වලට අද (06දා) පොරොන්දු වී තිබේ.
බස් සංගම් හා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතර ජූලි පළමුවන දින සිදුවිය යුතුව තිබූ බස්ගාස්තු සංශෝධනය පිළිබඳව අද (06දා) සවස සාකච්ඡාවක් පැවැත්වීය.
මෙහිදී බස් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා බස් සංගම්වල අදහස්ද බස්ගාස්තු සංශෝධනය සඳහා පත්කළ විද්වත් කමිටුවට ලබාදෙන ලෙස ඉල්ලීමක්ද කර තිබේ.