හෙට (14දා) මධ්‍යම රාත්‍රියේ සිට අන්තර් පළාත් බස් රථ ඇතුළු බස් සමාගම් සම්මේලන 17 ක් අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරන බව අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව සියලුම දුම්රිය සේවාවන් හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24 ක වැඩවර්ජනයක් සිදුකරන බවද දුම්රිය සේවා වෘත්තීය සමිති සඳහන් කරයි.
අයවැය තුළින් රාජ්‍ය සේවකයාට සහ බස් හිමියන්ට ඇතිකර තිබෙන අසාධාරණයට එරෙහිව මෙම ක්‍රියාමාර්ග දියත් කරන බවද එම සංගමය සඳහන් කළේය.