පෞද්ගලික බස්රථවල සවිකර ඇති රූපවාහිනී යන්ත්‍රවලින් ප්‍රචාරය වන වැඩසටහන් අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය කි‍්‍රයාවට නැංවීමට කටයුතු කර තිබෙන බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක පවසයි.
රූපවාහිනී පිළිබඳව මගීන්ගෙන් ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි. පෞද්ගලික බස්රථවල සවිකොට ඇති රූපවාහිනී යන්ත්‍ර මගින් ප්‍රචාරය වන ඇතැම් වැඩසටහන් සදාචාරාත්මක භාවයෙන් තොර බවටත්, ඒවා අධික ශබ්දයෙන් ප්‍රචාරය කෙරෙන බවටත්, ඇතැම් දැන්වීම් ප්රචාරයට නුසුදුසු තත්ත්වයක පවතින බවටත්, මගීන්ගෙන් පැමිණිලි ලැබී තිබේ.
සදාචාරාත්මක භාවයෙන් තොර වැඩසටහන් ප්‍රචාරය වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට ලක් කොට ආරක්ෂක අමාත්‍යාංශය, පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා පළාත් ප්‍රවාහන අධිකාරීන් සමග එක්ව වැටලීම් සිදුකිරීමට කි‍්‍රයා කරන බවත් ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. සදාචාරාත්මක භාවයෙන් තොරව ප්‍රචාරය වන වැඩසටහන් සම්බන්ධයෙන් වන පැමිණිලි 071 655 0000 දුරකථන අංකයට හෝ privatetransportservices යන ස්කයිප් ලිපිනය ඔස්සේ දැනුම් දෙන අමාත්‍යවරයා ඉල්ලා සිටියි.