බස් ගාස්තු ඉහළ දැමිය යුතු මුදල පිළිබඳව අද (06දා) සවස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ බස් සංගම් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වේ.
බස්ගාස්තු ජාතික ප්රතිපත්තියට අනුව ජූලි පළමු වැනිදා සිට 6%කින් බස් ගාස්තු වැඩිවීමක් සිදුකළ හැකි බවට රජය බස් හිමියන්ට දන්වා සිටියද, බොහෝ බස්සංගම් එම මුදල ප්රමාණවත් නොවන බව පවසමින් විරෝධය දක්වනු ලැබිණි.
මේ නිසා වර්තමානයට ගැළපෙන ගාස්තුවක් ඉල්ලා බස් සංගම් කිහිපයක් ඉකුත් 04 වැනිදා වැඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කළේය.
මේ නිසා ඒ පිළිබඳව සාකච්ඡා කර තීන්දුවක් ලබාදෙන බවට ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුවකට අනුව බස් වැඩවර්ජනය අතරමග නවතා දමනු ලැබිණි.
මේ අනුව අද සවස පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවෙන් පසු වර්තමානයට ගැළපෙන බස් ගාස්තුවක් තීරණය කිරීමට නියමිතව තිබේ.