බස් ගාස්තු ඉහළ දැමීම බස් සංගම්වලට නොහැකි බවත්, ගාස්තු ඉහළ දැමීම පිළිබඳව තීරණය ගන්නේ රජය විසින් බවත් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
එහෙත් බස් ගාස්තු ඉහළ දැමීම පිළිබඳව රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, ගාස්තු ඉහළ දැමීම පිළිබඳව බස් සංගම්, රජය දැනුවත් කිරීමක්වත් මෙතෙක් සිදුකර නොමැති බවද පවසා සිටියේය.