බස් ගාස්තු ඉහළ යන්නේ මෙහෙමයි
අගෝස්තු පළමුවැනි දින සිට සිදුවන බස් ගාස්තු සංශෝධනයේදී දෙවැනි ගාස්තුව ලෙස පවතින රුපියල් 12 ගාස්තුව කිසිදු වෙනසක් සිදුනොවන බව වාර්තා වේ.
6% කින් බස් ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙන අතර මේ අනුව අවම ගාස්තුව ලෙස පවතින රුපියල් 8 ගාස්තුව රුපියල් 9 දක්වාත්, රුපියල් 15 ක්ව පවතින ගාස්තු රුපියල් 16 දක්වාත් රුපියල් 18ක්ව පවතින ගාස්තුව රුපියල් 20 දක්වාත් ඉහළ යනු ඇත.
රුපියල් 22 ක්ව පවතින ගාස්තුව රුපියල් 24 දක්වාත්, රුපියල් 26 ක්ව පවතින ගාස්තුව රුපියල් 28 දක්වාත්, රුපියල් 30 ක්ව පවතින ගාස්තුව රුපියල් 32 දක්වාත්, රුපියල් 32 ක්ව පවතින ගාස්තුව රුපියල් 34 දක්වාත් ආදී වශයෙන් රුපියල් දෙකකින් ඉහළ යනු ඇත.
රුපියල් 40ක්ව පවතින ගාස්තුව රුපියල් 43 ක් දක්වා රුපියල් 3 කින් ඉහළ යන අතර ඉන් ඉහළ ගාස්තු 6% ප්රතිශතාත්මක අයුරින් ඉහළ යනු ඇත.
රුපියල් සියට ආසන්නව පවතින ගාස්තුව රුපියල් 6 කින් ඉහළ යාම මෙමගින් සිදුවේ. කෙසේ වෙතත් නව ගාස්තු සංශෝධනය පිළිබඳව නිල නිවේදනය ඉදිරි දින කිහිපය තුළදී ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්රකාශයට පත්කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

