මහනුවර විලියම් ගොපල්ලව මාවතේ ලුම්බිණි විදුහලට අසළදි වත්තේගම සිට කොළඹ දෙසට ධාවනය වු පුද්ගලික බස් රථයක් ඊට ඉදිරියෙන් මහනුවර සිට කොළඹ දෙසට ගමන් කල ලංගම බස් රථයක පිටුපස ගැටීමෙන් සිදුවූ අනතුරකින් මගීන් 19 දෙනෙකු තුවාල ලබාසිටින බව පොලීසිය කියයි.
අනතුරින් රියදුරන් දෙදෙනාට තුවාල සිදු වි නොමැති බවත් පුද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවත් මහනුවර පොලීසිය කියයි.