බසයක් අලියෙකුගේ ගැටීමෙන් 9ට තුවාල
- 12 05 2015
- 09:42
- {{hitsCtrl.values.hits}} views
- පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්
දුඹුල්ල හබරණ මාර්ගයේදී අද (12දා) අලුයම බස් රථයක් වන අලියෙකුගේ ගැටීම හේතුවෙන් බස්රථයේ ගමන් ගත නව දෙනෙකු තුවාල ලබා තිබේ
හබරණ හිරිවඩුන්න ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ අද අලුයම 2.00 ට පමණ වන බව හබරණ පොලිසීය කියයි.
බස් රථය පොලොන්නරුව සිට කොලඹ බලා ධාවනය වෙමින් තිබී ඇති අතර බසයේ බස්රථයේ ගැටුණු වන අලියා රක්ෂිතයට ගොස් ඇත
තුවාල ලැබූවන්ගෙන් හතර දෙනෙකු හබරණ රෝහලෙන් බාහීර අංශයෙන් ප්රතිකාර ලබාගෙන පිටව ගොස් ඇති අතර තවත් පුද්ලයින් දෙදෙනෙක් දඹුල්ල හා තිදෙනෙක් පොලොන්නරුව මහා රෝහලේ ප්රතිකාර ලබයි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති තිබේ . හබරණ පොලිසීය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
