ත්‍රිකුණාමලයේ සිට අද (13දා) අලුයම යාපනය බලා ධානය වූ ලංගම බස් රථයක් උප්පුවේලි පොලිස් වසමට අයත් කන්නියා මාර්ග බාධකය පසු කරනවාත් සමග පෙරළී යෑමෙන් එහි ගමන් ගත් 11දෙනෙකු තුවාල ලැබු බව පොලිසිය කියයි.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැණිමෙන් මෙම අනතුර සිදුවි ඇති බව මූලික පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී තිබේ. තුවාල ලැබුවන් ත්‍රිකුණාමලය මහා රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් බලධාරින් කියයි.
ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලි අමරජීව