පැරණි ශීතකරණ ඉවත් කර නව ශීතකරණ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්,
ශීතකරණ සඳහා වන අවම බලශක්ති කාර්යසාධන සම්මතයන් ලබාදීමටත් ඉල්ලුම් පාර්ශ්වීය බලශක්ති කළමනාකරණය පිළිබඳ මෙහෙයුම් කමිටුව තීරණයකට එළඹ තිබේ.
මේ සම්බන්ධයෙන් මේ වනවිට මෙරට භාවිත කරන ශීතකරණ වර්ග 30න් 24ක් පරීක්ෂා කර අවසන් බව එම මෙහෙයුම් කමිටුව සඳහන් කළේය.
එම කමිටුවේ සභාපති විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය
අජිත් පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම තීරණයට එළැඹ තිබේ.
මේ යටතේ ලීටර් 190 - ලීටර් 250 දක්වා වන ශීතකරණ ලක්ෂයක් පමණ ඉවත් කිරීමට සිදුවන අතර, මෙමගින් ගිගාවොට් පැය 162ක පමණ බලශක්තියක් ඉතිරිකරගත හැකි යැයි අනුමාන කෙරෙන බව අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.