බලයට එන්න යුද්ධය විකුණාගෙන කන්න හදන එක අපරාධයක්
'ඡන්දයක් කරලා පැරදිලා ගියාට පස්සෙ ආණ්ඩු බලයට එන්න තියෙන පෙරේතකමට යළිත් යුද්ධය විකුණාගෙන කන්න හදන එක අපරාධයක්.' යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (31දා) ප්‍රකාශ කළාය.
කිසිදු මැතිවරණයකින් පරාජයට පත් නොවී වසර 11 ක් රට පාලනය කළ තමන් දෙමවුපියන් උගන්වා තිබූ පරිදි වැදගත් අයුරින් තනතුරෙන් ඉවත්ව ගිය බවත්, පවත්නා නීතිය වෙනස් කරමින් අවශ්‍ය නම් තවත් වාර ගණනාවක් බලයේ සිටීමට තමාට අවස්ථාව තිබූ බවත් හිටපු ජනාධිපතිවරිය සඳහන් කළාය.
බත්තරමුල්ල අපේ ගම පරිශ්‍ර‘යේ පැවැති මියගිය රණවිරුවන්ගේ මවුවරුන් හා භාර්යාවන් සහභාගී වූ 'විරුමවු ප්රණාම 2015' උත්සවයේදී ඇය මේ බව පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපතිනිය,
'මටත් ඕන නම් අරක්කු සල්ලි දීලා මේ අය ගෙන්වනවා වගේ දහස් ගණන් මිනිස්සු හොරගොල්ල අපේ ගෙදරට ගෙන්වාගෙන බිම පෙරලි පෙරලි අඬවන්න තිබුණා. ඒ වගේ කැත වැඩ කරන්න මට බෑ. ඒක මගේ ජානවල නෑ.
කට්ටියක් ඡන්දයක් පැරදිලා තියෙනවා. තව කට්ටියක් දිනලා තියෙනවා. දැන්වත් යුද්ධයේ වාසිය මේ රටේ ජනතාවට ලබාදිය යුතුයි.' යැයි පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

