බලය සඳහා ජාතිවාදය ඇවිස්සීම පාපකාරී ක්‍රියාවක් - ඇමති අර්ජුන
බලය සඳහා ජාතිවාදය ඇවිස්සීම පාපකාරී ක්‍රියාවක් වන බව, වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය තවද බලය ලබාගැනීම ඉලක්ක කරමින් රටෙහි යුධ භීතියක් ඇති නොකරන්නැයිද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් සහ එතුමාගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටීන බවද හෙතෙම පැවසුයේ කොළඹ වරායේ පෞද්ගලික අංශයේ ක්‍රේන් ක්‍රියාකරුවන්ගේ පත්වීම් ප්‍රදානයට අද(23) එක්වෙමිනි.
“කණගාටුවෙන් වුවත් කියන්න ඕනෙ. හිටපු ජනාධිපතිතුමාත් ඒවගේම එතුමා වටේ ඉන්න ජාතිවාදය අවුස්සන හෙංචයියෝ ටිකත් දැන් නැවත වරක් යුද්ධයක් එනවා, ත්‍රස්තවාදය ඔළුව උස්සනවා කියමින් තමන්ගේ වාසිය සඳහා නැවත වරක් ජාතිවාදය අවුස්සන ක්‍රමවේදයක් දියත් කරමින් ඉන්නවා. අපි අවුරුදු තිහක් පුදුම දුක් වින්ඳා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අයගෙනුත් වටේ අයගෙනුත් ඉල්ලනවා නැවත ඒ තැනට මේ රට තල්ලු කරන්න එපා කියලා. ඒ මේ රටේ අද සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා එකට එකතුවෙලා සන්තෝසෙන් ඉන්නවා. නැවත වරක් බලයට එන්න, තානාන්තර ගන්න, පාර්ලිමේන්තුවට එන්න, පළාත් සභාවට එන්න මේ විනාසය නම් කරන්න එපා කියලා මං ඉල්ලනවා.” යනුවෙන්ද රණතුංග මහතා එහිදී පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

