සිසුන්ට ඉගෙනීමට සුදුසු මානසික පරිසරයක් පාසල් පරිශ්‍රය තුළ ඇතිකිරීමේ අරමුණින් සහ අනාගත අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි දිවයිනේ සියලුම පාසල් ගොඩනැගිලි හා භූමි සැලසුම සකස් කිරීමට කටයුතු යොදා ඇති බව බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසය.
අද (14දා) උදෑසන නුගේගොඩ අනුලා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
සියලු දෙනාට සාධාරණය ඉටුවන පරිදි අධ්‍යාපන ඉඩප්රස්ථා ඇති කිරීමට නිශ්චිත දැක්මක් අනුව කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමේ දී ජනප්‍රියත්වය හෝ බලයේ රැඳී සිටීම හෝ බලය පවත්වාගෙන යාම ගැන නොසිතා කටයුතු කරන බවද ඔහු පැවැසීය.