ලොව අහස සිඹින ගොඩනැගිලි අතර පෙරමුණේ සිටින බර්ජ් ඛලීෆා අභිභවා යන ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ඩුබායි දේශයම වැඩ අරඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.
'ද ටවර් ඇට් ඩුබායි ක්‍රීක් හාබර්' නමැති මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2020 දී අවසන් කිරීමට එහි ඉදිකිරීම් සමාගම වන එමාර් ප්‍රොපටීස් බලාපොරොත්තු වන අතර, සැන්ටියාගෝ කැලට්රාවා නමැති ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියා විසින් එය සැලසුම් කර තිබේ.
දැනට ලොව උසම ගොඩනැගිල්ල ලෙස පත්ව සිටින 'බර්ජ් ඛලීෆා' ගොඩනැගිල්ල උසින් අඩි 2,700ක් වන අතර, මෙම නවතම 'ද ටවර් ඇට් ඩුබායි ක්‍රීක් හාබර්' එම උස අභිභවා යනු ඇති බව පැවසුවත්, එහි අවසන් උස අදාළ ඉදිකිරීම් සමාගම විසින් තවම ප්‍රකාශයට පත්කර නැත.
ගල්ෆ් එමීරේට්ස් පාලක ෂෙයික් මොහම්මද් බින් රෂීඩ් අල්-මැක්ටෝම්ද, පසුගිය සඳුදා මෙම ගොඩනැගිල්ලේ මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගී වී සිටියේය.
ඩුබායි නගරය වටා අංශක 360ක අපූරු දර්ශනයක් දැකගත හැකි මේ අහස සිඹින ගොඩනැගිල්ල සඳහා ඇ.ඩො.බිලියනයක් පමණ වැයවනු ඇති බව ගණන් බලා තිබේ.

.jpg)
.jpg)